Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #4 Translated in Sinhalese

7:1
المص
අලිෆ්, ලාම්, මීම්, සාද්. (මේ සම්බන්ධයෙන් සූරතුල් බකරා හෙවත් දෙවන පර්ච්ඡේදයේ දැක්වෙන විස්තර කියවන්න).
7:2
كِتَابٌ أُنْزِلَ إِلَيْكَ فَلَا يَكُنْ فِي صَدْرِكَ حَرَجٌ مِنْهُ لِتُنْذِرَ بِهِ وَذِكْرَىٰ لِلْمُؤْمِنِينَ
(නබිවරය! මෙය) නුඹ වෙත පහළ කරන ලද ධර්ම ග්‍රන්ථයයි. නුඹ එමඟින් අනතුරු අඟවනු පිණිස මේ සම්බන්ධයෙන් නුඹේ හදවතෙහි කිසිදු පැකිලීමක් ඇති නොවිය යුතුය. තවද (මෙය) දේවත්වය විශ්වාස කරන්නන්හට උපදෙසකි.
7:3
اتَّبِعُوا مَا أُنْزِلَ إِلَيْكُمْ مِنْ رَبِّكُمْ وَلَا تَتَّبِعُوا مِنْ دُونِهِ أَوْلِيَاءَ ۗ قَلِيلًا مَا تَذَكَّرُونَ
නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ නුඹලා අනුගමනය කරනු. තවද ඔහු හැර (වෙනත් දෑ) භාරකරුවන් ලෙස ගෙන නුඹලා අනුගමනය නොකරනු. ස්වල්ප වශයෙනි නුඹලා උපදෙස් ලබනුයේ.
7:4
وَكَمْ مِنْ قَرْيَةٍ أَهْلَكْنَاهَا فَجَاءَهَا بَأْسُنَا بَيَاتًا أَوْ هُمْ قَائِلُونَ
තවද ගම්මාන කොපමණ ප්‍රමාණයක් අප විනාශ කර ඇත්තෙමු ද? අපගේ දඬුවම ඔවුන් රාත්‍රිය ගත කරමින් සිටිය දී හෝ දහවල් කාලයේ මද නින්දක වැටී සිටියදී ඒ වෙත පැමිණියේය.

Choose other languages: