Quran Apps in many lanuages:

Surah Al-Anfal Ayahs #75 Translated in Sinhalese

إِنَّ الَّذِينَ آمَنُوا وَهَاجَرُوا وَجَاهَدُوا بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ فِي سَبِيلِ اللَّهِ وَالَّذِينَ آوَوْا وَنَصَرُوا أُولَٰئِكَ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ ۚ وَالَّذِينَ آمَنُوا وَلَمْ يُهَاجِرُوا مَا لَكُمْ مِنْ وَلَايَتِهِمْ مِنْ شَيْءٍ حَتَّىٰ يُهَاجِرُوا ۚ وَإِنِ اسْتَنْصَرُوكُمْ فِي الدِّينِ فَعَلَيْكُمُ النَّصْرُ إِلَّا عَلَىٰ قَوْمٍ بَيْنَكُمْ وَبَيْنَهُمْ مِيثَاقٌ ۗ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
නියත වශයෙන්ම විශ්වාස කොට (තම වාසස්ථානයෙන්) නික්ම ගොස් තම ධනය හා තම ජීවිත අල්ලාහ්ගේ මාර්ගයේ කැප කළවුන් ද තවද සරණ ලබා දී (ඔවුනට) උදව් කළවුන් ද වනාහි ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුගේ මිතුරෝ වෙති. විශ්වාස කොට නික්ම නොගිය අය ඔවුන් නික්ම යන තුරු ඔවුන් සමඟ කිසිදු ආකාරයේ මිතු දහමක් නුඹලාට නොවනු ඇත. නමුත් දහම විෂයයෙහි ඔවුන් නුඹලාගෙන් උදව් පැතුවේ නම් නුඹලා හා ඔවුන් අතර ගිවිසුමක් ඇති ජනයා වෙත හැර (අන් අයට) උදව් කිරීම නුඹලා වෙත පැවරෙන වගකීමය. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව නිරීක්ෂා කරන්නාය.
وَالَّذِينَ كَفَرُوا بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ ۚ إِلَّا تَفْعَلُوهُ تَكُنْ فِتْنَةٌ فِي الْأَرْضِ وَفَسَادٌ كَبِيرٌ
දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහු ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ සමීප මිතුරන් වෙති. මෙය (එකිනෙකා රැකගැනීම) නුඹලා නොකරන්නේ නම් මහ පොළොවේ අර්බුද හා මහා කලහකම් සිදු වනු ඇත.
وَالَّذِينَ آمَنُوا وَهَاجَرُوا وَجَاهَدُوا فِي سَبِيلِ اللَّهِ وَالَّذِينَ آوَوْا وَنَصَرُوا أُولَٰئِكَ هُمُ الْمُؤْمِنُونَ حَقًّا ۚ لَهُمْ مَغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ
තවද විශ්වාස කොට (තම වාසස්ථානයෙන්) නික්ම ගොස් අල්ලාහ්ගේ මාර්ගයේ කැප කළවුන් හා සරණ ලබා දී (ඔවුනට) උදව් කළවුන් වන ඔවුහුමය සැබෑ ලෙසින් දේවත්වය විශ්වාස කරන්නන් වන්නෝ. ඔවුනට සමාව ද ගෞරවාන්විත සංග්‍රහය ද ඇත.
وَالَّذِينَ آمَنُوا مِنْ بَعْدُ وَهَاجَرُوا وَجَاهَدُوا مَعَكُمْ فَأُولَٰئِكَ مِنْكُمْ ۚ وَأُولُو الْأَرْحَامِ بَعْضُهُمْ أَوْلَىٰ بِبَعْضٍ فِي كِتَابِ اللَّهِ ۗ إِنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
තවද විශ්වාස කොට පසුව (තම වාසස්ථානයෙන්) නික්ම ගොස් නුඹලා සමඟම (අල්ලාහ්ගේ මාර්ගයේ) කැප වූවන් වන ඔවුහු නුඹලා අතරින් වෙති. අල්ලාහ්ගේ නියමය පරිදි ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුට ඉතා සමීප ඥාතීන් වෙති. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්වඥය.

Choose other languages: