Quran Apps in many lanuages:

Surah Al-Anaam Ayahs #165 Translated in Sinhalese

لَا شَرِيكَ لَهُ ۖ وَبِذَٰلِكَ أُمِرْتُ وَأَنَا أَوَّلُ الْمُسْلِمِينَ
ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැත. තවද ඒ ගැන මම නියෝග කරනු ලද්දෙමි. තවද මම මුස්ලිම්වරුන්ගෙන් පළමු වැන්නා වෙමි.
قُلْ أَغَيْرَ اللَّهِ أَبْغِي رَبًّا وَهُوَ رَبُّ كُلِّ شَيْءٍ ۚ وَلَا تَكْسِبُ كُلُّ نَفْسٍ إِلَّا عَلَيْهَا ۚ وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰ ۚ ثُمَّ إِلَىٰ رَبِّكُمْ مَرْجِعُكُمْ فَيُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ فِيهِ تَخْتَلِفُونَ
සියලු දෑ හි පරමාධිපති ලෙස අල්ලාහ් සිටිය දී ඔහු හැර වෙනත් අයකු පරමාධිපතියෙක් ලෙස මම සොයන්නෙම් ද? සෑම ආත්මයක්ම එයට නියම වූ දෑ මිස වෙනත් කිසිවක් උපයන්නේ නැත. තවද උසුලන්නෙකු වෙනත් කෙනෙකුගේ බර ද උසුලන්නේ නැත. පසුව නුඹලා නැවත යොමු වන ස්ථානය නුඹලාගේ පරමාධිපති වෙතය. අනතුරු ව නුඹලා කවර විෂයක මත භේද ඇති කර ගනිමින් සිටියෙහු ද ඒ පිළිබඳ නුඹලාට ඔහු දන්වා සිටියි.
وَهُوَ الَّذِي جَعَلَكُمْ خَلَائِفَ الْأَرْضِ وَرَفَعَ بَعْضَكُمْ فَوْقَ بَعْضٍ دَرَجَاتٍ لِيَبْلُوَكُمْ فِي مَا آتَاكُمْ ۗ إِنَّ رَبَّكَ سَرِيعُ الْعِقَابِ وَإِنَّهُ لَغَفُورٌ رَحِيمٌ
මහපොළොවේ නියෝජිතයින් බවට නුඹලා ව පත් කළේ ඔහුමය. තවද ඔහු නුඹලාට දුන් දෑ හි නුඹලා ව පරීක්ෂාවට ලක් කරනු පිණිස නුඹලාගෙන් ඇතැමෙකු ව ඇතැමෙකුට වඩා තරාතිරම් වලින් උසස් කළේය. (නබිවරය) නිසැකවම නුඹේ පරමාධිපතියාණන් දඬුවම් දීමේදී ඉතා වේගවත්ය. තවද සැබැවින්ම ඔහු අති ක්ෂමාශීලීය; කරුණා ගුණයෙන් යුක්තය.

Choose other languages: