Quran Apps in many lanuages:

Surah Al-Ahzab Ayahs #73 Translated in Sinhalese

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَقُولُوا قَوْلًا سَدِيدًا
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. තවද නිවැරදි ප්‍රකාශය ම කතා කරනු.
يُصْلِحْ لَكُمْ أَعْمَالَكُمْ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ ۗ وَمَنْ يُطِعِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ فَازَ فَوْزًا عَظِيمًا
නුඹලාගේ ක්රියාවන් ඔහු නුඹලාට විධිමත් කරයි. තවද නුඹලාගේ පාපකම් වලට ඔහු නුඹලාට සමාව දෙයි. තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාණන්ට අවනත වන්නේ ද සැබැවින්ම ඔහු ඉමහත් ජයග්‍රහණයකින් ජය ලැබුවේය.
إِنَّا عَرَضْنَا الْأَمَانَةَ عَلَى السَّمَاوَاتِ وَالْأَرْضِ وَالْجِبَالِ فَأَبَيْنَ أَنْ يَحْمِلْنَهَا وَأَشْفَقْنَ مِنْهَا وَحَمَلَهَا الْإِنْسَانُ ۖ إِنَّهُ كَانَ ظَلُومًا جَهُولًا
නියත වශයෙන්ම අපි (දේව මෙහෙයේ) භාරකාරත්වය අහස් පොළොව හා කඳු වෙතට ඉදිරිපත් කළෙමු. එය ඉසිලීමට ඒවා ප්‍රතික්ෂේප කළේය. තවද එයට ඒවා බිය විය. නමුත් මිනිසා එය ඉසිලීය. නියත වශයෙන්ම ඔහු අඥානකම් ඇති අපරාධකරුවකු විය.
لِيُعَذِّبَ اللَّهُ الْمُنَافِقِينَ وَالْمُنَافِقَاتِ وَالْمُشْرِكِينَ وَالْمُشْرِكَاتِ وَيَتُوبَ اللَّهُ عَلَى الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ ۗ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا
(එසේ ඉසිලීමට හේතුව) කුහක පිරිමීන්ට ද කාන්තාවන්ට ද (දේවත්වය) ආදේශ කරන පිරිමීන්ට ද කාන්තාවන්ට ද අල්ලාහ් දඬුවම් කරනු පිණිසත්, දේවත්වය විශ්වාස කරන පිරිමීන්ට ද කාන්තාවන්ට ද අල්ලාහ් සමාව දීම පිණිසත්ය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී මහා කරුණාන්විත ය.

Choose other languages: