Quran Apps in many lanuages:

Surah Al-Ahzab Ayahs #58 Translated in Sinhalese

إِنْ تُبْدُوا شَيْئًا أَوْ تُخْفُوهُ فَإِنَّ اللَّهَ كَانَ بِكُلِّ شَيْءٍ عَلِيمًا
නුඹලා යමක් හෙළි කර සිටිය ද එසේ නැතහොත් නුඹලා එය සඟවා සිටිය ද නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්වඥානී ය.
لَا جُنَاحَ عَلَيْهِنَّ فِي آبَائِهِنَّ وَلَا أَبْنَائِهِنَّ وَلَا إِخْوَانِهِنَّ وَلَا أَبْنَاءِ إِخْوَانِهِنَّ وَلَا أَبْنَاءِ أَخَوَاتِهِنَّ وَلَا نِسَائِهِنَّ وَلَا مَا مَلَكَتْ أَيْمَانُهُنَّ ۗ وَاتَّقِينَ اللَّهَ ۚ إِنَّ اللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدًا
(නබිවරයාගේ බිරියන්) ඔවුන්ගේ පියවරුන් හෝ ඔවුන්ගේ පුතුන් හෝ ඔවුන්ගේ සහෝදරයන්ගේ පුතුන් හෝ ඔවුන්ගේ සහෝදරියන්ගේ පුතුන් හෝ ඔවුන්ගේ (සමීප) කාන්තාවන් හෝ ඔවුන්ගේ දකුණත් හිමි කරගත් (වහල්) අය විෂයෙහි ඔවුන් වෙත වරදක් නැත. තවද නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂිකරු ය.
إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ ۚ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا
නියත වශයෙන්ම අල්ලාහ් ද ඔහුගේ මලක්වරුන් ද නබිවරයාණන්ට ආශිර්වාද කරති. අහෝ දේවත්වය විශ්වාස කළවුනි! ඔහුට නුඹලා ද ප්රාර්ථනා කරනු. තවද නුඹලා සාමය පතනු.
إِنَّ الَّذِينَ يُؤْذُونَ اللَّهَ وَرَسُولَهُ لَعَنَهُمُ اللَّهُ فِي الدُّنْيَا وَالْآخِرَةِ وَأَعَدَّ لَهُمْ عَذَابًا مُهِينًا
නියත වශයෙන්ම අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට හිංසා පීඩා කරන්නන් වන ඔවුනට මෙලොවෙහි හා මතුලොවෙහි අල්ලාහ් ශාප කරනු ඇත. තවද ඔවුනට නින්දාසහගත දඬුවමක් ඔහු සූදානම් කර ඇත.
وَالَّذِينَ يُؤْذُونَ الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ بِغَيْرِ مَا اكْتَسَبُوا فَقَدِ احْتَمَلُوا بُهْتَانًا وَإِثْمًا مُبِينًا
තවද දේවත්වය විශ්වාස කරන්නන්ට හා විශ්වාස කරන්නියන්ට ඔවුන් නොකළ දෙයක් වෙනුවෙන් හිංසා කරන්නන් වනාහි, ඔවුහු සැබැවින්ම මහා අපවාදයක් හා පැහැදිලි පාපයක් උසුලා ගත්තෝය.

Choose other languages: