Quran Apps in many lanuages:

Surah Al-Ahzab Ayahs #42 Translated in Sinhalese

مَا كَانَ عَلَى النَّبِيِّ مِنْ حَرَجٍ فِيمَا فَرَضَ اللَّهُ لَهُ ۖ سُنَّةَ اللَّهِ فِي الَّذِينَ خَلَوْا مِنْ قَبْلُ ۚ وَكَانَ أَمْرُ اللَّهِ قَدَرًا مَقْدُورًا
අල්ලාහ් ඔහුට නියම කළ දෑහි කිසිදු වරදක් නබිවරයාට නොවීය. (එය) මීට පෙර ඉකුත් ව ගියවුන් අතර වූ අල්ලාහ්ගේ පිළිවෙත ය. තවද අල්ලාහ්ගේ නියෝගය නිර්ණය කරනු ලැබූ නියමයක් විය
الَّذِينَ يُبَلِّغُونَ رِسَالَاتِ اللَّهِ وَيَخْشَوْنَهُ وَلَا يَخْشَوْنَ أَحَدًا إِلَّا اللَّهَ ۗ وَكَفَىٰ بِاللَّهِ حَسِيبًا
ඔවුහු වනාහි අල්ලාහ්ගේ පණිවිඩ දන්වා සිටින්නන් වෙති. තවද ඔහුට බිය වෙති. අල්ලාහ් හැර වෙනත් කිසිවකුට බිය නොවෙති. ගණන් කරන්නෙකු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත් ය.
مَا كَانَ مُحَمَّدٌ أَبَا أَحَدٍ مِنْ رِجَالِكُمْ وَلَٰكِنْ رَسُولَ اللَّهِ وَخَاتَمَ النَّبِيِّينَ ۗ وَكَانَ اللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمًا
මුහම්මද් නුඹලාගේ පිරිමින් අතරින් කිසිවකුගේ පියෙකු නොවීය. නමුත් ඔහු අල්ලාහ්ගේ ධර්ම දූතයාණන්ය. තවද නබිවරුන්ගේ මුද්රාවය. තවද සියලු දෑ පිළිබඳ ව අල්ලාහ් සර්වඥානී ය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اذْكُرُوا اللَّهَ ذِكْرًا كَثِيرًا
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අධික ලෙස අල්ලාහ් මෙනෙහි කරනු.
وَسَبِّحُوهُ بُكْرَةً وَأَصِيلًا
තවද උදේ හා සවස නුඹලා ඔහු සුවිශුද්ධ කරනු.

Choose other languages: