Quran Apps in many lanuages:

Surah Al-Ahqaf Ayahs #35 Translated in Sinhalese

أَوَلَمْ يَرَوْا أَنَّ اللَّهَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَلَمْ يَعْيَ بِخَلْقِهِنَّ بِقَادِرٍ عَلَىٰ أَنْ يُحْيِيَ الْمَوْتَىٰ ۚ بَلَىٰ إِنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
නියත වශයෙන්ම අහස් හා මහපොළොව මවා, ඒවා මැවීමෙන් නිරායාසයට පත් නොවූ අල්ලාහ් මළවුනට යළි ජීවය දෙන්නට ශක්තිය ඇත්තා බව ඔවුහු නොදුටුවෝ ද? එසේය, නියත වශයෙන්ම ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය.
وَيَوْمَ يُعْرَضُ الَّذِينَ كَفَرُوا عَلَى النَّارِ أَلَيْسَ هَٰذَا بِالْحَقِّ ۖ قَالُوا بَلَىٰ وَرَبِّنَا ۚ قَالَ فَذُوقُوا الْعَذَابَ بِمَا كُنْتُمْ تَكْفُرُونَ
තවද ප්‍රතික්ෂේප කළවුන් (නිරා) ගින්න වෙත ඉදිරිපත් කරනු ලබන දිනයේ “මෙය සත්‍යය නොවේ ද” (යැයි විමසනු ලබති). “අපගේ පරමාධිපති මත දිවුරා (එය) එසේය” යැයි ඔවුහු පවසති. “එසේ නම් නුඹලා ප්‍රතික්ෂේප කරමින් සිටි දෑ හේතුවෙන් එම දඬුවම නුඹලා භුක්ති විඳිනු” යැයි ඔහු පවසයි.
فَاصْبِرْ كَمَا صَبَرَ أُولُو الْعَزْمِ مِنَ الرُّسُلِ وَلَا تَسْتَعْجِلْ لَهُمْ ۚ كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَ مَا يُوعَدُونَ لَمْ يَلْبَثُوا إِلَّا سَاعَةً مِنْ نَهَارٍ ۚ بَلَاغٌ ۚ فَهَلْ يُهْلَكُ إِلَّا الْقَوْمُ الْفَاسِقُونَ
එහෙයින් ධර්ම දූතවරුන් අතරින් දැඩි අධිෂ්ඨානයෙන් යුක්ත වූවන් ඉවසුවාක් මෙන් නුඹ ද ඉවසනු. තවද ඔවුන් සඳහා නුඹ ඉක්මන් නොවනු. ඔවුනට ප්‍රතිඥා දෙනු ලැබූ දෑ ඔවුන් දකින දින (එය) දහවල් කාලයේ හෝරාවක් මිස තමන් නතර නොවූවාක් මෙනි. (නුඹේ කාර්යය) දැනුම් දීමකි. දුෂ්ඨ ජනයා හැර (වෙනත් කිසිවෙකු) විනාශ කරනු ලබන්නේද?

Choose other languages: