Quran Apps in many lanuages:

Surah Ad-Dukhan Ayahs #59 Translated in Sinhalese

يَدْعُونَ فِيهَا بِكُلِّ فَاكِهَةٍ آمِنِينَ
ඔවුහු බියෙන් තොර වූවන් ලෙසින් සෑම පලතුරක්ම එහි පතති.
لَا يَذُوقُونَ فِيهَا الْمَوْتَ إِلَّا الْمَوْتَةَ الْأُولَىٰ ۖ وَوَقَاهُمْ عَذَابَ الْجَحِيمِ
මුල් මරණය හැර (වෙනත්) මරණයක් ඔවුහු එහි නොවිඳිති. තවද නිරා ගින්නේ දඬුවමින් ඔහු ඔවුන් ආරක්ෂා කළේය.
فَضْلًا مِنْ رَبِّكَ ۚ ذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ
(එය) ඔබේ පරමාධිපතිගේ භාග්යයක් ලෙසිනි. එයයි අතිමහත් ජයග්‍රහණය.
فَإِنَّمَا يَسَّرْنَاهُ بِلِسَانِكَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ
එහෙයින් ඔවුන් උපදෙස් ලැබිය හැකි වනු පිණිස අපි එය නුඹේ දිවට (නුඹේ භාෂාවෙන්) පහසු කළෙමු.
فَارْتَقِبْ إِنَّهُمْ مُرْتَقِبُونَ
එහෙයින් ඔබ අපේක්ෂාවෙන් සිටිනු. නියත වශයෙන්ම ඔවුහු ද අපේක්ෂාවෙන් සිටින්නෝ වෙති.

Choose other languages: