Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #12 Translated in Sinhalese

3:8
رَبَّنَا لَا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَهَبْ لَنَا مِنْ لَدُنْكَ رَحْمَةً ۚ إِنَّكَ أَنْتَ الْوَهَّابُ
අපගේ පරමාධිපතියාණෙනි! ඔබ අප ව යහමඟ යොමු කළ පසු ව අපගේ හදවත් විකෘතිභාවයට පත් නොකරනු මැනව. තව ද අපට ඔබ වෙතින් වූ දයාව පිරිනමනු මැනව. සැබැවින් ම ඔබ ම ය මහා ත්‍යාගශීලී.
3:9
رَبَّنَا إِنَّكَ جَامِعُ النَّاسِ لِيَوْمٍ لَا رَيْبَ فِيهِ ۚ إِنَّ اللَّهَ لَا يُخْلِفُ الْمِيعَادَ
අපගේ පරමාධිපතියාණෙනි, කිසිදු සැකයක් නොමැති දිනකට මිනිසුන් එක් රැස් කරන්නා නියත වශයෙන් ම ඔබම ය. සැබැවින් ම අල්ලාහ් ප්‍රතිඥාවන් කඩ නොකරන්නේය.
إِنَّ الَّذِينَ كَفَرُوا لَنْ تُغْنِيَ عَنْهُمْ أَمْوَالُهُمْ وَلَا أَوْلَادُهُمْ مِنَ اللَّهِ شَيْئًا ۖ وَأُولَٰئِكَ هُمْ وَقُودُ النَّارِ
නියත වශයෙන් ම දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ට ඔවුන්ගේ ධන සම්පත හෝ ඔවුන්ගේ දරු සම්පත හෝ අල්ලාහ්ගෙන් පැමිණෙන කිසිවකින් (මිදීමට) ඔවුනට උපකාර නොවන්නේ ම ය. නිරා ගින්නේ ඉන්ධන වනුයේ ඔවුන් ම ය.
كَدَأْبِ آلِ فِرْعَوْنَ وَالَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ كَذَّبُوا بِآيَاتِنَا فَأَخَذَهُمُ اللَّهُ بِذُنُوبِهِمْ ۗ وَاللَّهُ شَدِيدُ الْعِقَابِ
(එය) ෆිර්අවුන්ගේ පරපුර හා ඔවුනට පෙර සිටියවුන්ගේ සිරිත මෙනි. ඔවුහු අපගේ වදන් අසත්‍ය කළෝය. එබැවින් අල්ලාහ් ඔවුන්ගේ පාපයන් හේතුවෙන් ඔවුන් ව (දඬුවමට) හසු කළේය. තව ද අල්ලාහ් දඬුවම් කිරීමෙහි ඉතා දැඩි ය.
قُلْ لِلَّذِينَ كَفَرُوا سَتُغْلَبُونَ وَتُحْشَرُونَ إِلَىٰ جَهَنَّمَ ۚ وَبِئْسَ الْمِهَادُ
“නුඹලා අබිබවා යනු ලබනු ඇත. තව ද නිරය වෙත ඒකරාශී කරනු ලබනු ඇත” යැයි දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට නුඹ පවසනු. එම නවාතැන නපුරු ය.

Choose other languages: