Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #8 Translated in Sinhalese

3:4
مِنْ قَبْلُ هُدًى لِلنَّاسِ وَأَنْزَلَ الْفُرْقَانَ ۗ إِنَّ الَّذِينَ كَفَرُوا بِآيَاتِ اللَّهِ لَهُمْ عَذَابٌ شَدِيدٌ ۗ وَاللَّهُ عَزِيزٌ ذُو انْتِقَامٍ
(නබිවරය) සත්‍යයෙන් යුක්ත වූ මෙම දේව ග්‍රන්ථය මෙයට පෙර පැවති දෑ සත්‍ය කරවන්නක් වශයෙන් ඔබ වෙත ඔහු පහළ කළේය. තවද තව්රාතය ද ඉන්ජීලය ද ඔහු පහළ කළේය.
3:5
إِنَّ اللَّهَ لَا يَخْفَىٰ عَلَيْهِ شَيْءٌ فِي الْأَرْضِ وَلَا فِي السَّمَاءِ
නියත වශයෙන් ම අල්ලාහ් (ගේ දැනුම) ට අහස්හි හෝ මහපොළොවේ හෝ ඇති කිසිවක් සැඟැවෙන්නේ නැත.
3:6
هُوَ الَّذِي يُصَوِّرُكُمْ فِي الْأَرْحَامِ كَيْفَ يَشَاءُ ۚ لَا إِلَٰهَ إِلَّا هُوَ الْعَزِيزُ الْحَكِيمُ
ගර්භාෂ තුළ නුඹලා ව තමන් කැමති පරිදි හැඩ ගන්වන්නේ ඔහු ම ය. සර්ව බලධාරී සියුම් ඥානවන්ත වූ ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත.
3:7
هُوَ الَّذِي أَنْزَلَ عَلَيْكَ الْكِتَابَ مِنْهُ آيَاتٌ مُحْكَمَاتٌ هُنَّ أُمُّ الْكِتَابِ وَأُخَرُ مُتَشَابِهَاتٌ ۖ فَأَمَّا الَّذِينَ فِي قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَاءَ الْفِتْنَةِ وَابْتِغَاءَ تَأْوِيلِهِ ۗ وَمَا يَعْلَمُ تَأْوِيلَهُ إِلَّا اللَّهُ ۗ وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلٌّ مِنْ عِنْدِ رَبِّنَا ۗ وَمَا يَذَّكَّرُ إِلَّا أُولُو الْأَلْبَابِ
ඔහු වනාහි නුඹ වෙත ධර්ම ග්‍රන්ථය පහළ කළේය. එහි පැහැදිලි තීන්දු සහගත වැකි ඇත. ඒවා ධර්ම ග්‍රන්ථයේ මූලය යි. තව ද අනෙක් ඒවා විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත වැකි ය. එබැවින් තම හදවත් තුළ ව්‍යාකූලත්වය ඇත්තන් වූ කලි ඔවුන් කලහකම් කිරීමේ අපේක්ෂාවෙන් ද, එහි අර්ථ විකෘති කිරීමේ අපේක්ෂාවෙන් ද එයින් විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත දෑ අනුගමනය කරති. එහි යථාර්ථය අල්ලාහ් හා ගැඹුරු ඥානය ඇත්තවුන් හැර වෙන කිසිවෙකු නොදන්නේය. තවද අපි එය විශ්වාස කළෙමු. “‘සියල්ල අපගේ පරමාධිපති වෙතිනි” යැයි ඔවුහු පවසති. බුද්ධිමත් අය හැර වෙනත් කිසිවෙක් මෙනෙහි කරන්නේ නැත.
3:8
رَبَّنَا لَا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَهَبْ لَنَا مِنْ لَدُنْكَ رَحْمَةً ۚ إِنَّكَ أَنْتَ الْوَهَّابُ
අපගේ පරමාධිපතියාණෙනි! ඔබ අප ව යහමඟ යොමු කළ පසු ව අපගේ හදවත් විකෘතිභාවයට පත් නොකරනු මැනව. තව ද අපට ඔබ වෙතින් වූ දයාව පිරිනමනු මැනව. සැබැවින් ම ඔබ ම ය මහා ත්‍යාගශීලී.

Choose other languages: