Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #143 Translated in Sinhalese

وَلَا تَهِنُوا وَلَا تَحْزَنُوا وَأَنْتُمُ الْأَعْلَوْنَ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ
තවද නුඹලා දුර්වල නොවනු. තවද නුඹලා දුක් නොවනු. නුඹලා විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් ශ්‍රේෂ්ඨයෝ නුඹලා ම ය.
إِنْ يَمْسَسْكُمْ قَرْحٌ فَقَدْ مَسَّ الْقَوْمَ قَرْحٌ مِثْلُهُ ۚ وَتِلْكَ الْأَيَّامُ نُدَاوِلُهَا بَيْنَ النَّاسِ وَلِيَعْلَمَ اللَّهُ الَّذِينَ آمَنُوا وَيَتَّخِذَ مِنْكُمْ شُهَدَاءَ ۗ وَاللَّهُ لَا يُحِبُّ الظَّالِمِينَ
නුඹලාට (උහද් සටනෙහි) තුවාල ඇති වන්නේ නම් දැන ගනු සැබැවින්ම) එවැනි ම තුවාල එම පිරිසට ද (බද්ර් සටනෙහි) ඇති විය. තවද අපි මෙවැනි (ජය හෝ පරාජිත) දිනයන් ජනයා අතර මාරුවෙන් මාරුවට ලබා දෙන්නෙමු. තවද (එය) විශ්වාස කළවුන් ව අල්ලාහ් හඳුනා ගනු පිණිසත් නුඹලා අතරින් ෂහීද්වරුන් (දිවි පුදන්නන්)ව තෝරා ගනු පිණිසත් ය. තවද අල්ලාහ් අපරාධකරුවන් ව ප්‍රිය නොකරයි.
وَلِيُمَحِّصَ اللَّهُ الَّذِينَ آمَنُوا وَيَمْحَقَ الْكَافِرِينَ
එමෙන්ම විශ්වාස කළවුන් ව අල්ලාහ් පිවිතුරු කිරීම පිණිසත් දේව ප්‍රතික්ෂේපකයින් ව විනාශ කරනු පිණිසත් ය.
أَمْ حَسِبْتُمْ أَنْ تَدْخُلُوا الْجَنَّةَ وَلَمَّا يَعْلَمِ اللَّهُ الَّذِينَ جَاهَدُوا مِنْكُمْ وَيَعْلَمَ الصَّابِرِينَ
(විශ්වාස කළවුනි!) නුඹලා අතරන් (අල්ලාහ්ගේ මාර්ගයේ) සටන් කළවුන් කවුරුන් දැ යි අල්ලාහ් නොදැන, එමෙන් ම ඉවසිලිවන්තයින් පිළිබඳ ව ද ඔහු නොදැන, ස්වර්ග උයනට පිවිසීමට නුඹලා සිතන්නෙහු ද?
وَلَقَدْ كُنْتُمْ تَمَنَّوْنَ الْمَوْتَ مِنْ قَبْلِ أَنْ تَلْقَوْهُ فَقَدْ رَأَيْتُمُوهُ وَأَنْتُمْ تَنْظُرُونَ
නුඹලා (වීර) මරණය හමු වීමට පෙර සැබැවින්ම එය අපේක්ෂා කරමින් සිටියෙහු ය. (දැන්) නුඹලා එය අධීක්ෂණය කරමින් සියැසින් ම දුටුවෙහු ය.

Choose other languages: