Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #139 Translated in Sinhalese

وَالَّذِينَ إِذَا فَعَلُوا فَاحِشَةً أَوْ ظَلَمُوا أَنْفُسَهُمْ ذَكَرُوا اللَّهَ فَاسْتَغْفَرُوا لِذُنُوبِهِمْ وَمَنْ يَغْفِرُ الذُّنُوبَ إِلَّا اللَّهُ وَلَمْ يُصِرُّوا عَلَىٰ مَا فَعَلُوا وَهُمْ يَعْلَمُونَ
තවද ඔවුහු කවරහුද යත් ඔවුහු යම් අශීලාචාර දෙයක් කළ විට හෝ තමන්ට ම අපරාධයක් කර ගත් විට හෝ අල්ලාහ් ව මෙනෙහි කරති. එසැණින් ඔවුන්ගේ පාපයන්ට ඔවුහු සමාව අයැදිති. පාපයන්ට සමාව දෙන්නා අල්ලාහ් හැර වෙන කවරෙක් ද? තවද ඔවුන් දැනුවත් ව සිටිය දී ඔවුන් කළ දෑ හී ඔවුහු අඛණ්ඩව නිරත නොවෙති.
أُولَٰئِكَ جَزَاؤُهُمْ مَغْفِرَةٌ مِنْ رَبِّهِمْ وَجَنَّاتٌ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ وَنِعْمَ أَجْرُ الْعَامِلِينَ
තම පරමාධිපතිගෙන් වූ සමාව හා ඒවාට පහළින් ගංගාවන් ගලා බසින ස්වර්ග උයන් තම ප්‍රතිඵල වශයෙන් සදාතනිකයින් ලෙස හිමි කරගන්නෝ ඔවුහු ම ය. යහකම් කළවුන්ගේ ප්‍රතිඵල යහපත් විය.
قَدْ خَلَتْ مِنْ قَبْلِكُمْ سُنَنٌ فَسِيرُوا فِي الْأَرْضِ فَانْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ
නුඹලාට පෙර ද (මෙවැනි) පිළිවෙත් ඉකුත් ව ගොස් හමාරය. එබැවින් නුඹලා මහපොළොවේ සැරිසරා බොරු කළවුන්ගේ අවසානය කෙසේ වී දැ යි අධීක්ෂණය කරනු.
هَٰذَا بَيَانٌ لِلنَّاسِ وَهُدًى وَمَوْعِظَةٌ لِلْمُتَّقِينَ
මෙය ජනයා හට වූ පැහැදිලි කිරීමකි. තවද දේව බිය බැතිමතුන්ට මඟපෙන්වීමක් හා උපදෙසකි.
وَلَا تَهِنُوا وَلَا تَحْزَنُوا وَأَنْتُمُ الْأَعْلَوْنَ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ
තවද නුඹලා දුර්වල නොවනු. තවද නුඹලා දුක් නොවනු. නුඹලා විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් ශ්‍රේෂ්ඨයෝ නුඹලා ම ය.

Choose other languages: