Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #120 Translated in Sinhalese

إِنَّ الَّذِينَ كَفَرُوا لَنْ تُغْنِيَ عَنْهُمْ أَمْوَالُهُمْ وَلَا أَوْلَادُهُمْ مِنَ اللَّهِ شَيْئًا ۖ وَأُولَٰئِكَ أَصْحَابُ النَّارِ ۚ هُمْ فِيهَا خَالِدُونَ
නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කළවුන් වනාහි අල්ලාහ්ගෙන් වූ කිසිවකට (දඬුවමකට) ඔවුන්ගේ ධන සම්පත් හෝ ඔවුන්ගේ දරු සම්පත් හෝ ඔවුනට ප්‍රයෝජනවත් නොවන්නේ ම ය. තවද නිරා ගින්නේ සගයෝ ඔවුහු ම ය. තවද ඔවුහු එහි සදාතනිකයෝ ය.
مَثَلُ مَا يُنْفِقُونَ فِي هَٰذِهِ الْحَيَاةِ الدُّنْيَا كَمَثَلِ رِيحٍ فِيهَا صِرٌّ أَصَابَتْ حَرْثَ قَوْمٍ ظَلَمُوا أَنْفُسَهُمْ فَأَهْلَكَتْهُ ۚ وَمَا ظَلَمَهُمُ اللَّهُ وَلَٰكِنْ أَنْفُسَهُمْ يَظْلِمُونَ
මෙලොව ජීවිතයෙහි ඔවුන් විදයම් කරන දෑ ට උපමාව නම් තමන්ට ම අපරාධ කර ගත් ජන පිරිසකගේ කෙතට පතිත වී එය විනාශ කර දැමූ අධි සීතල සහිත දැඩි සුළඟක් මෙනි. අල්ලාහ් ඔවුනට අපරාධ නොකළේය. නමුත් ඔවුන් ඔවුනටම අපරාධ කර ගන්නෝය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا بِطَانَةً مِنْ دُونِكُمْ لَا يَأْلُونَكُمْ خَبَالًا وَدُّوا مَا عَنِتُّمْ قَدْ بَدَتِ الْبَغْضَاءُ مِنْ أَفْوَاهِهِمْ وَمَا تُخْفِي صُدُورُهُمْ أَكْبَرُ ۚ قَدْ بَيَّنَّا لَكُمُ الْآيَاتِ ۖ إِنْ كُنْتُمْ تَعْقِلُونَ
අහෝ විශ්වාස කළවුනි! නුඹලාගෙන් තොරව වෙනත් අය සමීපතම මිතුරන් ලෙස නොගනු. ඔවුහු නුඹලාට අසාධාරණකම් කිරීමෙහි අඩුවක් නොකරති. නුඹලා පීඩා විඳීම ඔවුහු ප්‍රිය කළෝය. ඔවුන්ගේ මුවින් ක්‍රෝධය හෙළි විය. ඔවුන්ගේ හදවත් සඟවා ඇති දෑ ඉතා දරුණුය. සැබැවින්ම නුඹලාට මෙම වදන් අපි පැහැදිලි කළෙමු. නුඹලා වටහා ගන්නන් ලෙස සිටියෙහු නම්.
هَا أَنْتُمْ أُولَاءِ تُحِبُّونَهُمْ وَلَا يُحِبُّونَكُمْ وَتُؤْمِنُونَ بِالْكِتَابِ كُلِّهِ وَإِذَا لَقُوكُمْ قَالُوا آمَنَّا وَإِذَا خَلَوْا عَضُّوا عَلَيْكُمُ الْأَنَامِلَ مِنَ الْغَيْظِ ۚ قُلْ مُوتُوا بِغَيْظِكُمْ ۗ إِنَّ اللَّهَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ
මෙන්න! නුඹලා ඔවුන් ව ප්‍රිය කරන්නෙහුය. නමුත් ඔවුහු නුඹලා ව ප්‍රිය නොකරති. තවද නුඹලා ධර්ම ග්‍රන්ථය මුළුමනි ම විශ්වාස කරන්නෙහුය. තවද ඔවුන් නුඹලා ව මුණ ගැසුණු විට “අපි විශ්වාස කළෙමු” යැයි පැවසූ නමුත් ඔවුන් වෙන් ව ගිය විට කෝපය හේතුවෙන් නුඹලාට එරෙහි ව ඇඟිලි තුඩු විකුවෝය. නුඹලාගේ කෝපය සමඟ ම නුඹලා මිය යනු. නියත වශයෙන් ම හදවත් තුළ ඇති දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව ඥානීය යැයි (නබිවරය!) පවසනු.
إِنْ تَمْسَسْكُمْ حَسَنَةٌ تَسُؤْهُمْ وَإِنْ تُصِبْكُمْ سَيِّئَةٌ يَفْرَحُوا بِهَا ۖ وَإِنْ تَصْبِرُوا وَتَتَّقُوا لَا يَضُرُّكُمْ كَيْدُهُمْ شَيْئًا ۗ إِنَّ اللَّهَ بِمَا يَعْمَلُونَ مُحِيطٌ
නුඹලාට යම් යහපතක් ස්පර්ශ කළේ නම් එය ඔවුන් දුකට පත් කරවයි. තවද නුඹලාට යම් අයහපතක් අත් වූයේ නම් එමගින් ඔවුහු සතුටට පත් වෙති. තවද නුඹලා ඉවසා බිය බැතිමත් වන්නේ නම් ඔවුන්ගේ කුමන්ත්‍රණ කිසිවක් නුඹලාට හානිදායක නොවෙයි. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව සර්ව ප්‍රකාරයෙන්ම දන්නා ය.

Choose other languages: